ගෝඨාභයට සජිත් සමග විවාදයකට තව අවස්ථාවක්

ඔක් 06, 2019

    ඔක්තෝබර් 10 වෙනිදා කොළඹ ගාලුමුවදොර පිටියේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන ජන රැළිය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේය.

    සජිත් ප්‍රේමදාස මහතා සමඟ විවාදයක් සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කරන බව අජිත් පී.පෙරේරා මහතා එහිදි කියා සිටියේය.

    කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා ........

    ලංකා ඉතිහාසයේ පළමු වරට පැෆරල් සංවිධානයෙන් සංවිධානය කළ ජනපති අපේක්ෂකයින්ගේ විවාදයට සජිත් ඇමතිතුමා සහභාගී වුණා. හැබැයි ගෝඨාභය සහභාගි වුණේ නෑ. ඊයේ තිබුණ විවාදය දැන් ඉවරනේ. තව අවස්ථාවක් දෙන්නම්. සියලුම මාධ්‍ය ඉස්සරහා සජිත් ප්‍රේමදාස හා ගෝඨාභය අතර ප්‍රතිපත්තිමය කාරණා පිළිබඳ විවාද 3ක් සඳහා අපි ආරාධනා කරනවා. දැන් මේකට බෑ කියන්න බෑ." යැයි ඔහු පැවසීය.

    ඇමති සජිත්ගේ ජයග්‍රහනයෙන් පසු ඊළඟ මැතිවරණය තෙක් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බවත් අජිත් පී.පෙරේරා මහතා පැවසීය.

     

    Last modified on ඉරිදා, 06 ඔක්තෝබර් 2019 19:43

    Latest News