චාවකච්චේරී හා කෝපායි නිවාස ව්‍යාපෘතිය ප්‍රතිලාභීන්ට පවරාදේ

ඔක් 06, 2019

    චාවකච්චේරී හා කෝපායි හී නැවත පදිංචි හා යළි දිවයිනට පැමිණෙන සරණාගතයින් වෙනුවෙන් ඉදිවු නිවාස ව්‍යාපෘතිය ප්‍රතිලාභීන් වෙත පවරා දීම ඊයේ (05) දින සිදු කෙරිණ.

    මෙම ව්‍යාපෘතිය ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති මහතාගේ ප්‍රධානත්වයෙනි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ අනුව 2019 වර්ෂය තුළ උතුරු නැගෙනහිර නිවාස 10,000 ක ඉදිකිරීමට නියමිතයි. රජය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 10,000 කි.

    ඒ අනුව චාවකච්චෙරි, කොඩිකාමම් දකුණ ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ නිවාස 07 ක් සහ කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස 07 ක් සංකේතාත්මකව ප්‍රතිලාභින් වෙත පවරා දීම සිදු කෙරිණි. චාවකච්චේරී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ නිවාස 300 ක් සහ කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ නිවාස 247 ක් ඉදිකෙරේ. එක් නිවසක් සදහා වැය කරණ මුදල රුපියල් ලක්ෂ 10යකි.

    මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් අතිරේක ලේකම් එස්. මුරලිදරන් මහතා, චාවකච්චේරී ප්‍රාදේශීය ලේකම් දේවානන්දනී බාබු මහත්මිය, කෝපායි සහකාර අධ්‍යක්ෂක සැලසුම් ඊ. තිලීපන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

     

     

     

    Latest News