නාවික හමුදාව තලෙයිමන්නාරමේ මෙහේයුමකින් 05 අත්අඩංගුවට

ඔක් 06, 2019

    නාවික හමුදාව විසින් තලෙයි මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයේ ඊයේ (05) සිදු කළ ‍සෝදිසි කිරීමකදි බීඩිකොළ කිලෝග්‍රෑම් 1050 ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන තිබේ.

    ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් තලෙයිමන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුරදි සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් නිරික්ෂණය කර ඇත. එම ඩිංගි යාත්‍රා පරික්ෂා කිරීමකදී පාර්සල් 30 ක බහා තිබූ බීඩී කොළ තොගය සමඟ සැකකටයුතු පුද්ගලයින් පස්දෙනෙකු (05) සහ ඩිංගි යාත්‍රා දෙක නාවික හමුදා බාරයට ගත් බව නාවික හමුදාව පවසයි. සැකකරුවන් වයස අවුරුදු 19 ත් 44 ත් අතර වියෙහි පසුවන මන්නාරම, තාල්පාඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා සහ බීඩිකොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබේ.

    Latest News