සතිතුනට කෝටි දහයක ගංජා මාට්ටු

ඔක් 03, 2019

    රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමකින් යුතු ගංජා හේන් විශාල ප්‍රමාණයක් පසුගිය සතිතුනක කාලය තුල පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් අත්අඩංගුවට ගෙන තිබේ.

    තණමල්විල, බලහරුව, හම්බෙගමුව, ඇතිමලේ, සියඹලාණ්ඩුව, අඹකොළආර සහ උණකන්ද යන ප්‍රදේශවල මෙම ගංජා හේන් වගා කර තිබූ අතර සැකකරුවන් 20ක් පමණ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ගංජා හේන් උස අඩි නවක ආසන්න මට්ටම සරුවට වගා කර තිබූ බව පොලිසිය පවසන්නේ. සැකකරුවන් ප්‍රදේශයට පැවති දැඩි වියලි කාලගුණය හමුවේ අඩි 100 ගණන් ගැඹුරට ළිං කපා ජලය ලබාගෙන මෙම ගංජා හේන් රක්ෂිත වල වගා කර තිබේ.

    සැකකරුවන් සියලුම දෙනා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මෙම මෙහෙයුම් අදාළ පොලිස් බලප්‍රදේශවල පොලිස් ස්ථාන, කොඨ්ඨාශ දූෂණ මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ දිසා දූෂණ මර්දන ඒකකය විසින් සිදු කර තිබේ.

    received 2451106408457078

    received 389588215292716

    received 445506386067830

    received 466127773989578

    received 922469088117219

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ඔක්තෝබර් 2019 10:02

    Latest News