වර්ජකයින්ට පිළිතුරුදීමට අමාත්‍ය අනු කමිටුවක්

සැප් 27, 2019

    විශේෂ කැබිනට් රැස්වීමක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.

    ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. රටේ වර්තමාන තත්වය පිළිබඳ සාකච්ජා කිරීම එහි අරමුණ වූ බව, වාර්තාවේ. දැනට ක්‍රියාත්මක දුම්රිය වර්ජනය පිළිබඳව ද මෙහිදී සාකච්ජා කළ බව, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

    එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා...

    “විශේෂ කැබිනට් රැස්වීමක් තියන්න හේතුවුනේ මේ දිනවල රටේ තියෙන වර්තමාන තත්වය පිලිබඳ සාකච්ජා කරන්න. ජනාධිපතිතුමා සමඟත් සාකච්ජා කළා. විස්තර පැහැදිලි කළා. ජනාධිපතිතුමා ඒ ගැන අමාත්‍ය අනු කමිටුවක් පත් කරලා වර්ජකයින් ගෙනල්ලා සාකච්ජා කරන්න කිව්වා. සඳුදා අපි සාකච්ජා පවත්වනවා. දුම්රිය, ගුරුවරු වර්ජනයක් තියෙනවා. ඒ ඒ අමාත්‍යාංශ නියෝජනය කරන කමිටුවක් පත්කරලා ඒ ගැන සාකච්ජා කරන්න කිව්වා. මේ රජය බලයට පත්වුණාට පස්සේ 107%කින් වැටුප් වැඩිකරලා තියෙනවා. සෑම ක්‍ෂෙත්‍රයකම. ලංකා ඉතිහාසයේ නිදහසින් පස්සේ වැඩිම වැටුප් වැඩිවීමක් කරපු රජය. ඒ නිසා දුම්රිය දුම්රිය දෙපාර්තමේන්තුවේ රියදුරෙකුගේ වැටුප් සහ අතිකාල ලක්‍ෂ 3කට වැඩිය ගන්නවා. දුම්රිය නියාමකයෙක් දෙලක්‍ෂ පනස් දහසකට වැඩිය වැටුප් සහ අතිකාල ගන්නවා. දුම්රිය ස්ථානාධිපතිවරු ලක්‍ෂ දෙකකට වඩා ගන්නවා. ජනවාරි මාසයේ ඉඳලා වැඩි කරලා තියෙනවා. එහෙම තියෙද්දි තවත් මොනවටද වැටුප් වැඩි කිරීමක්“යැයි රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.

    Latest News