ඉඳිගස්කැටිය ජල පොම්පාගාරයේ සිදු කළ නාවික හමුදා කිමිදුම් මෙහෙයුම

සැප් 25, 2019

    පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් බද්දේගම, ඉඳිගස්කැටිය ජල පොම්පාගාරයේ සිර වු අපද්‍රව්‍ය ඉවත් කිරිමට ඊයේ (24) වන දින නාවික හමුදාව සමත් විය.

    ගිං ගඟෙහි අතු ගංගාවක් වන මැගිමුල්ල ගඟ හරස් කරමින් ඉදිකර ඇති බද්දේගම ඉඳිගස්කැටිය ජල පොම්පාගාරයේ ජලය ඉවත් කිරීමේ පොම්පයක් තුළ අපද්‍රව්‍ය සිරවී ක්‍රියා විරහිත තත්ත්වයට පත්වී ඇති බව නාවික හමුදාව දැනුවත් කර ඇති අතර, කඩිනමින් ක්‍රියාත්මක වු නාවික හමුදාව ඒ සඳහා දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් පිටත් කර යැවිමට කටයුතු කරන ලදී.

    ජල පොම්පයේ ක්‍රියා විරහිතවිම හේතුවෙන් ගඟ ඉහල ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ ගොස් ගංවතුර අවදානම් තත්වයකට පත්ව තිබී ඇත. නාවික හමුදා කිමිදුම්කරුවන් පොම්පාගාරයේ ප්‍රධාන පොම්පය පිහිටි ස්ථානයේ කිමිදී එහි සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත්කර ‍නැවතත් ජල පොම්පාගාරය ක්‍රියාකාරී තත්ත්වයට පත් කිරීම සඳහා මහත් වෙහෙසකර උත්සහයක් ගෙන තිබේ. ඒ අනුව නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ හැකියාවන් සහ දක්‍ෂතාවයන් හේතුවෙන් ජල පොම්පාගාරයේ කටයුතු යාථාතත්වයට පත් කිරීමට හැකිව ඇත.

    තවද, පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ජන ජිවිතයට සිදුවන බධාවන් මඟහරවා ගැනීම සඳහා නාවික හමුදාව සහන සැලසීමේ කණ්ඩායම් යොදවා මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කර අවශ්‍ය සහාය ලබා දීම සඳහා කටයුතු කරමින් සිටී.

    Latest News