update- දුම්රියේ 'අකුරට වැඩ' අවසන්

සැප් 21, 2019

    update- අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

    ඒ සිය ගැටළු විසදීම සඳහා පැවති සාකච්ජාවෙන් අනතුරුවයි. ඉදිරි දිනයේදී බලධාරීන් සමග සාකච්ජාකර විසඳුම් ලබාදීමට දුම්රිය සාමාන්‍යාධිකාරීය එකඟවී තිබේ.

    (පෙ.ව 7.50)

    වැටුප් විෂමතා ගැටලුවලට විසඳුම් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය සේවකයින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මකයි. ඉල්ලීම් ඉටු නොවුනහොත් ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රීයේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් අරඹන බවයි දුම්රිය වෘත්තිය සමිති පවසන්නේ. මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට දුම්රිය රියදුරුන්,දුම්රිය නියාමකයරු,පාලකවරුන්,ස්ථානාධිපතිවරුන් නියෝජනය කරන වෘත්තිය සමිති එක්ව සිටිති.

    දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට මේ වනවිටත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 21 සැප්තැම්බර් 2019 12:17

    Latest News