දියකාවා අභ්‍යාසය අතරතුර දී පැරෂුට් සෙබළෙක් මරුට

සැප් 21, 2019

    දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් අතරතුර කුච්චවේලි, කුඹුරුපිටිය ප්‍රදේශයේදී යුද හමුදා භටයෙකු මියගොස් තිබේ.

    දියකාව යුධ අභ්‍යාස මෙහෙයුම් පැරෂුට් සංදර්ශන පුහුණුවිම්වල නිරතව සිටිය දී යුද හමුදා සෙබලා ගමන් ගත් මෙම පැරෂුටය සුළඟට හසුවී ගසාගෙන ගොස් මුහුදට වැටී තිබේ. පසුව අදාළ සෙබලා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි, මියගොස් ඇත්තේ.

    මියගොස් ඇත්තේ 35 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 04 වන කමාන්ඩෝ බලකා මුලස්ථානයට අනියුක්තව රාජකාරි කළ හමුදා සෙබලෙක්. මෘත ශරිරය ත්‍රිකුණාමලය රෝහලේ තැන්පත් කර ඇති තිබේ. ත්‍රිකුණාමලය වරාය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Last modified on සෙනසුරාදා, 21 සැප්තැම්බර් 2019 09:39

    Latest News