ඇල්පිටිය තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

සැප් 21, 2019

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම අද (21) සිදු කෙරේ.

    ඒ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි. ඡන්දදායකයන් එක් දහස් එකසිය අනූ දෙදෙනෙකු එම මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා ඇති බවයි, මැතිවරණ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ.

    මේ සඳහා අවශ්‍ය ආරක්‍ෂාව සැපයීමට පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

    Last modified on සෙනසුරාදා, 21 සැප්තැම්බර් 2019 07:46

    Latest News