ඡන්ද නවත්වන නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි; මහින්ද දේශප්‍රිය (විඩියෝ)

සැප් 20, 2019
  • මැතිවරණ කොමිෂන් සභාවේ බලතල අනුව, නියමිත දිනට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව, එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඔහු මේ අදහස් පළ කළේ, ජාතික රූපවාහිනියේ “ආයුබෝවන් සුභ දවසක්“ වැඩසටහනට අද එක්වෙමින්.
    එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා.....

    “අපේ ඡන්ද විමසීම නවත්වන්න නම් පාර්ලිමේන්තු ක්‍රියාවලිය අපි නවත්වන්නේ නැහැ. ඡන්ද විමසීමක් නවත්වන්න අපිට ඕඩරයක් දෙන්න පුලුවන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. අපි ජනාධිපතිවරණය පැවැත්වීම වෙනුවෙන් පෙනී හිටියා. මම කාසි දෙකක් සියවරක් උඩ දැම්මා ඒ සියවරම හෙට් නැත්නම් සිරස වැටෙයි කියලා වෙන සම්භාවිතාව ලැබෙනවයි කියලා විශ්වාස කරනවා සුබවාදීව. ඒ නිසා අසුබවාදී කරුණු ගැන මම කොයි වෙලාවෙවත් කතා කරන්නේ නැහැ. ඒක නිසා ඡන්ද විමසීම තියෙනවා. සැකට තියාගන්න එපා. රටේ වෛරී ප්‍රකාශ නැති කරලා දේශපාලන පක්ෂවලින් නෙමෙයි සමහර උන්මන්තකයෝ අපි විතරක් හරි කියලා අනෙක් අයගේ මතයට එරෙහි වෙනවා. එරෙහිවීම සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි ප්‍රචණ්ඩත්වය කරන්න යන්නේ. අන්න ඒක වැළැක්වීම සඳහා හැම දෙනාම උපරිම සහය දෙනවා. හැම දෙනාම තමන්ගේ ගම්වල, තමන්ගේ බිම් මට්ටමේ අය දැනුවත් කරලා අපි ඒක තමයි වැඩියේ සාකච්ජා කළේ. සමහරු අහනවා ස්ට්‍රයික් කරන්නත් බැරිද කියලා. අපි හැමෝගෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි ඡන්ද විමසීමක් පැවැත්වෙන වෙලාවේ බාධාවන ක්‍රියාවලින් හැකිතාක් දුරට වළකින්න කියලා. රාජ්‍ය මාධ්‍ය ආයතනයි, පෞද්ගලික මාධ්‍ය ආයතනයි අතර වෙනස-CTB බස් හා පෞද්ගලික බස් වගේ. පෞද්ගලික බස්වලට නීති නැතුව නෙමෙයිනේ. CTB බස්වලට විතරක් නොවෙයිනේ නීති තියෙන්නේ. පෞද්ගලික බස් ඒ නීතියට යටයි. රාජ්‍ය මාධ්‍ය විතරක් නෙමෙයි පෞද්ගලික මාධ්‍යත් මේක එකයි. රූපවාහිනි තරංග කාටද අයිති. ජනතාවගේ අයිතියක්. ඒ නිසා ඒ පාවිච්චි කරලා ඡන්ද විමසීමෙන් ජනතාවගේ මත සකස් කිරීමට කෙ‍රෙනවානම් එහෙනම් ඒගොල්ලෝ දැන්වීමක් දාන්න ඕනේ අපේ නාලිකාව එම පක්ෂය වෙනුවෙන් පෙනී සිටී. කවුරු කරත් වැරැද්ද එකයි“ යැයි මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 21 සැප්තැම්බර් 2019 09:05

    Latest News