සාමනේර හිමිවරුන්ට පහරදීම යුනිසෙෆ් සංවිධානය හෙළා දකී

සැප් 20, 2019

    කුඩා සාමණේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය යුනිසෙෆ් සංවිධානය විසින් විසින් හෙළා දැක තිබේ.

    ඒ බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    වැරැද්දක් සිදු කළේ යැයි පවසමින් කුඩා හිමිවරුන් දෙදෙනෙකුට මෑතකදී දඩුවමක් ලෙස සිදු කළ අමානුෂික පහරදීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල තම කම්පනය හා කණගාටුව ප්‍රකශ කර සිටින බව ප්‍රකාශ කර සිටී.

    එම සංවිධානය පවසන්නේ සමස්තයක් ලෙස සමාජය මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව හෙළා දැකීම අගය කරන බවයි.

    දරිද්‍රතාවයෙන් පෙළෙන හෝ ආයතනික රැකවරණය යටතේ සිටින හෝ ආබාධිත දරුවන් ඇතුළු ශ්‍රී ලංකාව පුරා දරු දැරියන් බොහෝමයක් ප්‍රමණයක් දිනපතාම මෙවැනි තත්වයන්ට මුහුණ දී සිටී.

    ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් 2016 දී ශ්‍රී ලංකාවේ පාසල්වල ක්‍රියාත්මක කරන ලද ළමා විනය ක්‍රම පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වූයේ සිසුන්ගෙන් 80% කට වැඩි ප්‍රමාණයක් පසුගිය මාසයේ අවම වශයෙන් එක් ආකාරයක හෝ ශාරීරික දඩුවමක් අත්විඳ ඇති බවයි.

    මෙය දරුවන්ට අතිශයින්ම හානි කරනවා පමණක් නොව, ඔවුන්ගේ වර්ධනය වන මොළයට ස්ථීර ලෙස බලපාන ලද්දක් බවත්, ඔවුන්ගේ ආත්ම අභිමානය අවම කරන බවත්, සෞඛ්‍ය සම්පන්නව ඉගෙනීමට හා වර්ධනය වීමට ඇති හැකියාවට බාධා කරන බවත් විද්‍යාත්මකව ඔප්පු වී ඇත.

    සියලූ‍ ආකාරයේ ශාරීරිකව දඩුවම් කිරීම තහනම් කරන නීති සංශෝධන කෙටුම්පත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කටයුතු කීරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සතුට පළ කරයි.

    Latest News