මැතිවරණ සමයේ රාජ්‍ය දේපළ අවභාවිතය දඬුවම් ලැබිය හැකි වරදක්

සැප් 20, 2019

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති කාල සීමාව තුළ රාජ්‍ය දේපල හා රාජ්‍ය උත්සව භාවිත කර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රවර්ධනය හෝ අගතියට පත්වන ආකාරයෙන් ක්‍රියා කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පවසන්නේ අදාළ කාල සීමාව තුළ රජයේ, පළාත් සභාවේ හා පළාත් පාලන ආයතනවල මහජන මුදල් වැය කරමින් රාජ්‍ය උත්සව පැවැත්වීමෙන් අපේක්ෂකයින් ප්‍රවර්ධනයට ක්‍රියා කිරීම ද තහනම් බවයි.

    මුල්ගල් තැබීම්, විවෘත කිරීම සහ ජනතා අයිතියට පැවරීම් යන උත්සවවලදී ජනාධිපතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට ක්‍රියා කරන බවට පැමිණිලි ලැබෙමින් පවතින බව, මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දේ.

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති කාල සීමාව තුළ මැතිවරණ නීතිවලට අනුකූලව කටයුතු කරන ලෙස සෑම පාර්ශවයකගෙන්ම ඉල්ලීමක් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයෙන් පෙන්වා දේ.

    Latest News