මරදාන - කොටුව දුම්රිය ප්‍රමාදයක්

සැප් 20, 2019

    කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

    මේ හේතුවෙන් කොළඹ කොටුව බලා පැමිණීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 50කට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වන බව පාලක මැදිරිය ප්‍රකාශ කර සිටී.

    මේ හේතුවෙන් තවදුරටත් දුම්රිය ප්‍රමාද වන බව පැවසේ.

    පිටත ප්‍රදේශවල සිට කොළඹ කොටුව දක්වා පැමිණෙන දුම්රිය නියමිත වේලාවට ගමන් ආරම්භ කර තිබුණද, මගී සහ කාර්යාල දුම්රිය රැසක් ධාවනය වන අවස්ථාවක් බැවින් මරදාන දෙසට පැමිණීමට නොහැකිව ඇතැම් දුම්රිය මරදාන දුම්රිය ස්ථානයට එපිටින් නතර කිරීමට සිදුව ඇති බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

    මේ අතර දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

    ඒ, දුම්රිය අනතුරුවලදී සිදුවන අලාභය රියැදුරන් ඇතුළු කාර්ය මණ්ඩලයෙන් අය කර ගැනීමට දුම්රිය පාලනාධිකාරිය ගත් තීරණයට විරෝධය පළ කරමින්.

    Latest News