සංඥා බිඳවැටීමෙන් දුම්රිය ප්‍රමාදයක්

සැප් 20, 2019

    මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර සංඥා බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

    මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට පිටත්වන දුම්රිය සහ මරදාන යළි දෙසට පැමිණෙන දුම්රියවල ප්‍රමාදයක් පවතින බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ. පිටත ප්‍රදේශවල සිට කොළඹ කොටුව දක්වා පැමිණෙන දුම්රිය නියමිත වේලාවට ගමන් ආරම්භ කර තිබේ.

    මගී සහ කාර්යාල දුම්රිය රැසක් ධාවනය වන වේලාවක් බැවින් මරදාන දෙසට පැමිණීමට නොහැකිව ඇතැම් දුම්රිය මරදාන දුම්රිය ස්ථානයට එපිටින් නතර කිරීමට සිදුව ඇති බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

    Last modified on සිකුරාදා, 20 සැප්තැම්බර් 2019 09:19

    Latest News