වත්තල රෙදිපිළි වෙළඳසැලක ගින්නක්

සැප් 20, 2019

    වත්තල,හේකිත්ත ප්‍රදේශය ආසන්නයේ තෙමහල් රෙදිපිළි වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ. අද උදෑසන 6.40ට පමණ ගින්න හටගත් බවයි, පොලීසිය පවසන්නේ.

    පොලීසිය,වත්තල නගර සභාවේ ගිනි නිවීමේ රථ දෙකක් හා වැලිසර නාවික හමුදා කඳවුරේ ගිනි නිවීමේ රථයක් ගින්න මැඩපැවැත්වීමට ක්‍රියා කරමින් සිටියි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    Last modified on සිකුරාදා, 20 සැප්තැම්බර් 2019 09:02

    Latest News