ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ

සැප් 20, 2019

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ආරම්භ වෙයි. එය අවසන් වන්නේ, ලබන 29 වැනිදායි. ප්‍රදර්ශනයේ විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් දරනු ලබයි.

    සැප්තැම්බර් මාසය කේන්ද්‍ර කර ගනිමින්, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සෑම වසරකම පැවැත්වෙයි. කොළඹ කලාභවනේදී එය ප්‍රථම වරට ආරම්භ කෙරුණේ, 1999දී. අධික පාඨක අවධානය හේතුවෙන් පසු එය, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශ්‍රයේ සංවිධාන කෙරිණ. පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ, 21 වැනි වරටයි. එක් කෙරුණු කුටි සංඛ්‍යාව 500ක්.

    ලොව කීර්තිමත් පොත් සමාගම් 50ක ප්‍රදර්ශන කුටි ද ඊට ඇතුළත්. පසුගිය වසරේ ප්‍රදර්ශනයට පැමිණි සංඛ්‍යාව ලක්ෂ 20ක්. මෙවර ද ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයයි.

    Last modified on සිකුරාදා, 20 සැප්තැම්බර් 2019 08:54

    Latest News