තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම..ඇප භාරගැනීම අද සිට

සැප් 19, 2019

    ජනාධිපතිවරණය සදහා ඇප මුදල් භාරගැනිම අද (19) ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    ඒ අනූව ලබන 06 වැනිදා දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකියි. මේ වන විට දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 18ක් පමණ ජනාධිපතිධුරය සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසම වෙත දැනුම්දී තිබේ.

    ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වන දින පැවැත්විමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රී නිකුත් කෙරුණි. ඒ අනුව, ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන්ගේ නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් 07 වැනිදා පෙරවරු 09.00 සිට පෙරවරු 11.00 දක්වා සිදු කිරිමට නියමිතයි. 

    ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සඳහා අද සිට රාජ්‍ය සේවකයන්ට අවස්ථාව පවතින බව ද මැතිවරණ කොමිසම් සභාව පවසයි. තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම ලබන 30 වැනිදා දක්වා අවස්ථාව පවතියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2019 14:40

    Latest News