හිටපු ගුවන් හා නාවික හමුදාපතිවරුන්ට අද ගෞරව නාම

සැප් 19, 2019

    හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා "මාර්ෂල් ඔෆ්ද එයාර් ෆෝස්" සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා "අද්මිරාල් ඔෆ්ද ෆ්ලිට්" යන ගෞරව නාමයන්ගේ පිදුම් ලැබීමේ නිල උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි.

    ඒ කොළඹ වාරායේ නැගෙනහිර බහලුම් පර්යන්තයේදීයි.

    දශක තුනකට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය අවසන් කිරිමේ මානුෂිය මෙහෙයුමට දායක වූ හමුදාපතිවරුන් වෙනුවෙන් රජයේ ඉහළම ගෞරවය පිරිනැමීමට ජනාධිපතිවරයා තීරණය කර තිබූ අතර ඒ අනූව සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර ප්‍රදානය කෙරුණි.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2019 07:34

    Latest News