යුද හමුදාව සම්බන්ධ ප්‍රහාර සැලසුමක් නැහැ.... හමුදා ප්‍රකාශකගෙන් ප්‍රතිචාරයක්

සැප් 18, 2019

    යුද හමුදාවේ කිසිදු පුද්ගලයෙකු සම්බන්ධ ප්‍රහාර සැලසුම්ක් නොමැති බව යුද හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    අන්තර්ජාලය තුළින් සහ විද්‍යුත් මුද්‍රිත ආයතන මගින් පාස්කු ඉරිදා ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් එල්ල කිරීමට යුද හමුදාවට සම්බන්ධ පිරිසක් සූදානම් වන බවට පුවත් ප්‍රචාරය කරනු ලබන බව එම නිවේදනයේ සඳහන් වේ. එය අසත්‍ය බැවින් එයින් ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්ති නාමයට හානියක් සිදුවන බවද එහි සඳහන්වේ.

    එමගින් රටේ ජනතාව තුළ අනිසි බියක් සහ දෛනික කටයුතුවලට ගැටලුකාරී තත්වයක් ඇති වන බැවින් එ වැනි ප්‍රචාර කරන පුද්ගලයන්ට එරෙහිව යුද හමුදාව සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

    Last modified on බදාදා, 18 සැප්තැම්බර් 2019 20:32

    Latest News