කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සැප් 11, 2019

    හික්කඩුව සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන්. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව පැයකට කිලෝමීටර් 70-80ත් ඉහළ යා හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එබැවින්, මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට ද හැකියාවක් පවතියි.

    ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයේන සිටින ලෙසයි, එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. මෙම ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය තවදුරටත් සක්‍රීයව පවතිනු ඇති.

    Last modified on බදාදා, 11 සැප්තැම්බර් 2019 14:11

    Latest News