"පුලතිසි" අද මංගල ගමන අරඹයි

සැප් 11, 2019

    ශ්‍රී ලංකා දුම්රිය සේවයට අළුතින් එක්වූ එස්13 වර්ගයේ අති සුඛෝපභෝගී දුම්රියක් අද (11) සිට දිනපතා පොළොන්නරුව බලා ධාවනය කෙරේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කො/කොටුව දුම්රිය ස්ථානයේ 3 වැනි වේදිකාවේ සිට මෙම පුලතිසි ශීඝ්‍රගාමී දුම්රියේ මංගල ගමනට ආරම්භක සංඥාව ලබාදෙනු ඇති. අද සවස 2.30 සිට කො/කොටුව දුම්රිය ස්ථානයේ දී මෙම උත්සවය පැවැත්වෙන අතර ජනාධිපතිතුමාගේ සම්භාවනීය සහභාගීත්වයෙන් අනතුරුව සවස 3.05ට කො/කොටුව දුම්රිය ස්ථානයෙන් පුලතිසි ශීඝග්‍රාමී දුම්රිය ගමන් අරඹයි.

    එය එදින ප.ව 7.47ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර ප.ව 3.45ට පොළොන්නරුව දුම්රිය ස්ථානයෙන් ආපසු කො/කොටුව දක්වා ගමන් කරනු ඇති. එය රාත්‍රී 9.06ට කො/කොටුවට ළගාවෙයි. මෙම නව ශීඝ්‍රගාමී දුම්රිය පොලොන්නරුව, කුරුණෑගල,මහව,කැකිරාව,හබරණ,හිඟුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල තවත්වනු ඇති.

     

     

    Last modified on බදාදා, 11 සැප්තැම්බර් 2019 09:27

    Latest News