වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් හා දැරියක් මරුට

සැප් 11, 2019

    වන අලියෙකු පහරදීමෙන් කාන්තාවක් හා වයස අවුරුදු 6ක දැරියක් ජීවිතක්ෂයට පත්විය.

    අම්පාර,කොළණිය පන්සල ඉදිරිපිට දී මෙම ප්‍රහාරය සිදුව තිබේ. වනඅලි ප්‍රහාරයෙන් මියගිය කාන්තාව හා දැරිය අසළ කඩයකට එමින් සිටිය දී අලියාගේ පහරදීමට ලක්විය.

    කාන්තාවගේ වයස අවුරුදු 54ක්. ප්‍රහාරයෙන් මියගිය දැරිය ඇයගේ මිණිබිරියයි. මේ වන විට මෘතශරීර අම්පාර මධ්‍යම කඳවුර රෝහලේ සහ අම්පාර රෝහලේ මෘත ශරීරාගාරවල තැන්පත් කර තිබේ. වැඩිදුර විමර්ශන මධ්‍යම කඳවුර පොලීසිය පවත්වයි.

     

     

    Last modified on බදාදා, 11 සැප්තැම්බර් 2019 07:49

    Latest News