අගමැති - සජිත් හමුව අද රාත්‍රී 09 යට

සැප් 10, 2019

    එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාව අද (10) රාත්‍රියේ පැවැත්වීමට නියමිත බව රාජ්‍ය ඇමති නලීන් බණ්ඩාර මහතා පවසයි.

    ඒ, අරලියගහ මන්දිරයේදීයි. සාකච්ඡාව අද රාත්‍රී 09යට පැවැත්වෙන බවයි ඔහු පවසන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වෙන සාකච්ඡාව සාර්ථකවනු ඇති බවත් ඔහු කියා සිටි.

    අද පෙරවරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ද අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහභාගී වූ බව වාර්තාවේ.

    Last modified on බදාදා, 11 සැප්තැම්බර් 2019 09:28

    Latest News