අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

සැප් 10, 2019

    ඉන්ධන මිල සූත්‍රය අනුව අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 1/=කින් ද, ඔක්ටේන් 95 පෙට්ර ල් ලීටරයක් රුපියල් 2/=කින් ද අඩුකර තිබේ.

    සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2/=කින් අඩු කර ඇත. කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් කර නොමැත.

     නව සංශෝධිත මිල ගණන් 

    ඉන්ධන වර්ගය

    වත්මන් මිල

    සංශෝධිත මිල

    මිලෙහි වෙනස

    ඔක්ටේන් 92 පෙට්‍රල්

    138/-

    137/-

    01/-

    ඔක්ටේන් 95 පෙට්‍රල්

    163/-

    161/-

    02-

    ඔටෝ ඩීසල්

    104/-

    104

    වෙනසක් නැත

    සුපිරි ඩීසල්

    134/-

    132/-

    02/-

     

    ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල්මිල අඩුවන විට එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙයට පෙර පොරොන්දු වූ පරිදි මෙම මිල අඩුවිම සිදු කර ඇත.

    Last modified on අඟහරුවාදා, 10 සැප්තැම්බර් 2019 20:00

    Latest News