පාතාල නායක බ්ලුමැන්ඩල් සංඛ රක්ෂිත භාරයට

සැප් 10, 2019

    මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි පාතාල කල්ලි නායකයෙකු බව කියන බ්ලුමැන්ඩල් සංඛ අද නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාර වීමෙන් පසුව ලබන 24 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

    රණසිංහ ආරච්චිගේ සංඛ හෙවත් බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා අද සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය හමුවේ පෙනි සිටියේය.

    ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරු ලබන 24 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කෙරිණ.

    2018 වසරේ දෙසැම්බර් මස 26 වනදා මට්ටක්කුලිය, හේනමුල්ල ප්‍රදේශයේදී දිනේෂ් එරංග නැමැති අයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබුණි.

    Latest News