මෝටර් රථයක ගැටී මිගවයින් 05ක් මරුට

සැප් 10, 2019

    අද අළුයම අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේ දී මෝටර් රථයක් හා මීගවයින් 6 දෙනෙකු ගැටී අනතුරක් සිදුව තිබේ.

    තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේදී අද (10) අළුයම 5.20 ට පමණ මෙම අනතුර සිදුව ඇත. මීගවයින් 6න් මීගවයින් 05 ක් එම ස්ථානයේදීම මියගොස් තිබෙන අතර එක් මීගවයෙකු ආබාදිත තත්වයට පත්වී තිබේ. එමෙන්ම අදාළ මෝටර් රථයේ ගමන් ගත් විදේශීක කාන්තාවක් හා එහි රියදුරුද සුළු තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුලත්කර තිබෙන බව අම්බලන්තොට පොලිසිය ප්‍රකාශ කරයි.

    රාත්‍රී කාලයේ මේ ආකාරයෙන් අයාලේ යන මීගවයින් නිසා පසුගිය කාලය තුල හම්බන්තොට දිස්ත්‍රිකයේ විශාල රිය අනතරු ප්‍රමාණයක් සිදුවී ඇති අතර ඒ හේතුවෙන් පුද්ගලයින් කීපදෙනෙකුම මියගොස් තිබෙන බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    මේ ආකාරයෙන් මීගවයින් මාර්ගයන්හි අයාලේ ගමන් කිරීමට මුලික හේතුව මීගවයින් හට නිසි පරිදි තෘණ භුමි නොමැති බවයි ගව හිමියන් පවසා සිටින්නේ. කෙසේ නමුත් රියදුරන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනයද මෙම අනතුරුවලට බෙහෙවින් බලපා ඇතිබව පොලිසිය සඳහන් කරයි.

    Latest News