නිලාවත්ත එළවළු ගොවියන්ට භූමියෙන් ඉවත්වෙන්න නියෝගයක්

සැප් 10, 2019

    මස්කෙලිය,ඕල්ටන් වතුයායේ, නිලාවත්ත කොටසේ වසර 30 කට ආසන්න කාලයක් එලවළු වගා කල ගොවින්ට එම එලවළු වගා භුමියෙන් වහාම ඉවත් වන ලෙස හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරින් විසින් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත දැනුම් දී තිබේ.

    1991 වසරේ සිට එම වතුයායේ වතු කම්කරුවන් 25 දෙනෙකු පමණ සාර්ථකව එලවළු වගාව සිදු කරමින් තම ජිවන උපාය සිදුකරගෙන යන අතර එම භුමිය තුල අර්තාපල්,කැරට්,ගෝවා,ලික්ස්,බිට් ඇතුළු උඩරට එලවළු වගාව සාර්ථකව සිදු කරනු ලබයි.

    තම එලවළු වගා අස්වැන්න සෘජුවම කොළඹ වෙළදසැල්වලට ලොරි රථ වලින් ප්‍රවාහනය කර අලෙවි කිරිම සිදු කරන අතර එම එළවළු වගා කරන ගොවින්ට ඔහුන්ගේ එළවළු මිල දි ගන්නා වෙළදුන් විසින් එලවළු වගාව සාර්ථකව සිදු කරගෙනයාමට ණය මුදල්ද ලබා දි ඇත.

    එම භුමියේ එලවළු වගා කරන ගොවින් කියා සිටින්නේ තම වතුයායට සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අයත් යැයි කියන ඉඩමේ නිතියානුකුලව 1991 වසරේ සිට මේ දක්වා එලවළු වගාව සිදු කරන බවයි.

    තමන් එලවළු වගා කරන ඉඩම ශ්‍රි පාද රක්ෂිතයට අයත් ඉඩමක් බව පවසමින් හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරින් අවස්තා කිහිපයකදි හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගෙන තිබුණත් එම නෛතික පියවර වලින් තමන් නිදහස් වි එළවළු වගාව තවදුරටත් සාර්ථකව සිදු කරගෙන පැමිණි බවයි.

    හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරින් විසින් මිට මාස දෙකකට ප්‍රථම එම ඉඩමේ එලවළු වගා කරන සියළුම ගොවින්ට එරෙහිව යලිත් වතාවක් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා එම නඩුවේ තින්දුවක් මත සියළුම ගොවින්ට එම ඉඩම් වලින් වගා කර ඇති අස්වැන්නේ ඵල ලබා ගැනිමෙන් අනතුරුව වහාම ඉවත් වන ලෙස නියෝග කර ඇති බවද එම ඉඩමේ එලවළු වගාවේ නිරතව සිටින ගොවින්කියා සිටියි.

    හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකට එම නිලධාරියා කියා සිටියේ තම අඩවි කාර්යයාලය යටතේ පාලනය වන ශ්‍රී පාද රක්ෂිතයට අයත් ඉඩමේ අනවසරෙන් ඇතුල් වී එළවළු වගා කිරිම සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ එම ගොවින්ට එරෙහිව පැන වූ නඩුවකින් ලද නියෝගය මත එම ඉඩමෙන් ගොවීන්ට ඉවත් වන ලෙස දැනුම් දි ඇති බවයි. ඉවත් නොවන ගොවින් එම භුමියෙන් ඉවත් කිරිමට කටයුතු කරන බවද හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරියා වැඩි දුරටත් කියා සිටියි.

    15

    14

    13

    10

    09 1

    08 2

    06

    03 2

     

    Last modified on අඟහරුවාදා, 10 සැප්තැම්බර් 2019 15:14

    Latest News