අපේක්‍ෂකයින් 15-20 සංඛ්‍යාවක් ඉදිරිපත් වෙනවා; මහින්ද දේශප්‍රිය (වීඩියෝ)

සැප් 09, 2019

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයින් 15-20ත් අතර සංඛ්‍යාවක් ඉදිරිපත් විය හැකි බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා....

    “අපට දැනට දේශපාලන පක්‍ෂ 14 හෝ 15ක් ලිඛිතව දන්වලා තිබෙනවා තමන් තරග කිරීමට අපේක්‍ෂා කරන බව. ඒ වගේම දුරකතනයෙන් දන්වලා තියෙනවා 2ක් හෝ 3ක්. 17ක් දේශපාලන පක්‍ෂ මෙය දැන්වූ බව තමයි අපේ සටහන්වල තියෙන්නේ තමන් තරග කරනවා කියලා. හැබැයි මේ ගානම තරග කරන්නත් පුලුවන්, තරග නොකරන්නත් පුලුවන්. මොකද නිෂ්චිත ගාන තීරණය වෙන්නේ නාම යෝජනා බාරගන්න දිනට පෙර දින දහවල් 12ට පෙර ඇප මුදල් තැන්පත් කරන සංඛ්‍යාව මත. ස්වාධීනව තරග කිරීමට අපේක්‍ෂා කරනවා කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් කියලා තියෙනවා. ඒ ඔක්කොම බලපුවහම අපි බලාපොරොත්තු වෙනවා 20ක් පමණ අපේක්‍ෂකයෝ ඉන්න ඉඩ තියෙනවා. 15-20යි අතර ගානක්. ඊට වඩා වැඩි වෙන්නත් පුලුවන්, අඩු වෙන්නත් පුලුවන්. අපි හිතනවා 15-20ත් අතර ගානක් ඉඳියි කියලා.
    මේ ජනාධිපතිවරණය භාවිතා කරන්නේ අපි 2018 ඡන්ද හිමි නාම ලේඛනය. 2019 ඡන්ද හිමි නාම ලේඛණය අපි සකස් කරමින් යනවා. එම නාමලේඛණය සහතික කරාට එන්නේ මේ අවුරුද්දේ වුණාට අපිට ඒක ජනාධිපතිවරණයට භාවිතා කරන්න බැරි වෙනවා. මොකද ජනාධිපතිවරණය අපි පැවැත්විය හැකි අවසාන දිනය දෙසැම්බර් 07 දිනය වෙනවා. අනෙක් පැත්තෙන් අපට තියන කරුණ තමයි හැබැයි 2017 ඡන්ද හිමි නාම ලේඛණය තමයි භාවිතා කරන්න වෙන්නේ ලබන වර්ෂයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයට“ යැයි මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    Last modified on සදුදා, 09 සැප්තැම්බර් 2019 19:51

    Latest News