ජනපති මෛත්‍රි කිසිම තැනක සජිත්ට සහය දෙන බව කියා නැහෑ: SLFP පළමු කාර්ය කළා (විඩියෝ)

සැප් 07, 2019
  • සජිත් ප්‍රේමදාස මහතාට සහාය පලකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිඳු අවස්ථාවක ප්‍රකාශකර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

    පළමුව සිදු කළ යුතුව ඇති කරණය පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීම බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ද වෙනත් අයෙක ද යන කාරණය සම්බන්ධ කාරණය දෙවැනියට තිය යුක්තක් බව ඔහු කියා සිටියේය. අපේක්ෂකයින් තෝරා ගැනීමේ තම පක්ෂයට කිසිදු අර්බුදයක් නොමැති බවත් පැවසු මන්ත්‍රීවරයා, අවශ්‍ය වෙලාවට අවශ්‍ය අපේක්ෂකයා ලබා දීමේ හැකියාව ඇතැයි ද පැවසිය.

    දයාසිරි ජයසේකර යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා බවත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමට කථා නොකර වෙනත් අයගේ හිතේ තියෙන දේවල් ගැන ඔහු හෝ, තමා හෝ වෙනත් අයෙක් කථා කල යුතු නොවන බවත් පැවසීය. එය එසේ සිදුවිය යුතුයි කියා සිතන්නේ නම් මුලාවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    වීරකුමාර දිසානායක.....
    “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය කථා කළ යුත්තේ පක්ෂය වෙනුවෙන්. පොදුජන පෙරමුණ දැනටමත් ජනාධිපති අපෙක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව නම් කර තිබෙනවා. එය ඔවුන්ගේ තිරණයක්. අපට පක්ෂකයක් ලෙස නායකත්වය ගැටලුවක් නැහැ. එක් බලවේගයක් ලෙස එන්නේ නම් ඕනෑම නායකයෙක් වාගේම නායකත්ව මණ්ඩලයක් හෝ ගෞරවයෙන් පිළිගන්න සූදානම්. එය අපේ සාදාචාරය හා වගකීම. සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු අවස්ථාවක සහය දෙන බව ජනාධිපතිවරයා පවසා නැහැ“ යැයි ඔහු කියා සිටියේය.

    Latest News