උඩවලව දොරටු 5ක් ඇරේ

නොවැ 23, 2018

    උඩවලව ජලාශයේ වාන් දොරටු සියල්ලම අද අලුයම විවෘත කෙරුණි.

    පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත්, ජලාශයේ ජල ධාරිතාව ඉහළ යාමත් ඊට හේතුවයි. ජලාශයේ ජල ධාරිතාව ඉහළ ගොස් ඇත්තේ, අක්කර අඩි දෙදහසකින්. වාන් දොරටු 5 අඩි 2 බැගින් විවෘත කර තිබේ.

    අතිරික්ත ජලය වලවේ ගඟට මුදා හැරෙන්නේ, තත්පරයට ඝන අඩි 2,000කින්. මේ හේතුවෙන් ගඟ දෙපස සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි, අවධාරණය කරන්නේ.

    Latest News