මෝර විශේෂ 18ක ආරක්ෂාවට රටවල් රැසක් එක්වෙයි

අගෝ 26, 2019

    තර්ජනයට ලක්ව ඇති මත්ස්‍ය සහ මෝර විශේෂ 18කට ආරක්ෂාව ශක්තිමත් කිරීමට හා සුරක්ෂිතභාවය ඇති කිරීමට ලොව රටවල් එකඟවී තිබේ.

    වදවීමේ තර්ජනයට ලක් වූ විශේෂවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ඊයේ පැවති සමුළුවේ දී මේ බව තීරණය විය. මෙලෙස ආරක්ෂා කිරීමට ප්‍රකාශිත, මත්ස්‍ය විශේෂ අතර මාකෝ මෝරුන්, වෙජ් ෆිෂ්, ගිටාර් ෆිෂ් යන මත්ස්‍ය විශේෂ ඇතුළත් වෙයි. මොර වරල් සුප් සඳහා වෙළෙඳපොළ පවතින ඉල්ලුම සාගරයේ මේරුන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ක්ෂයවීමට බලපාන ප්‍රධාන කරුණක්.

    මෙවැනි සාධක පදනම් කර ගනිමින් මෙක්සිකෝව විසින් මේ සම්බන්ධ යෝජනාව සභාගත කරනු ලැබේ. වානිජ ධීවර කර්මාන්තයේ සෑම වසරකම මිය යන මෝරුන් සංඛ්‍යාව දළ වශයෙන් මිලියන සීයක් ලෙස ගනන් බලා ඇති අතර, එම ප්‍රමාණය මිලියන 63ත් 273ත් අතර ප්‍රමාණයකට විහිදෙන බව, ගණන් බලා තිබේ. ලොව වේගවත්ම මෝර විශේෂය ලෙස සැලකෙන මාකෝස් මධ්‍යධරණී මුහුදෙන් මුළුමනින්ම අතුරුදන් වී ඇති අතර, අත්ලාන්තික් උතුරු පැසිෆික් හා ඉන්දියානු සාගරවල වේගයෙන් අඩු වෙමින් පවතියි.

    මෙක්සිකෝව ඉදිරිපත් කළ යෝජනාවට රටවල් 102ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ද චීනය, අයිස්ලන්තය,ජපානය,මැලේසියාව හා නවසීලන්තය ඇතුළු රටවල් 40ක් ඊට විරුද්ධ වී තිබේ. මත්ස්‍ය දඩයමේ ප්‍රතිඵලයක් ලෙස මාකෝ මෝරුන් අතුරුදන් වී ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවටයි, එහිදී ඇතැමුන් තර්ක කර ඇත්තේ.

     

     

    Last modified on සදුදා, 26 අගෝස්තු 2019 17:14

    Latest News