ලොරිය - මෝටර් රථයක ගැටී රියදුරු මරුට

අගෝ 26, 2019

    කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල අඹන්පිටිය ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

    ඒ ලොරි රථයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්. අනතුරින් මියගොස් ඇත්තේ, මෝටර් රථයේ රියදුරුයි. කෑගල්ල මහපල්ලේගම විදුහලේ විදුහල්පතිවරයා වන ඔහු, දෙදරු පියෙක්. කෑගල්ල රෝහලට ඇතුළ්ත කරන විටත් ඔහු මිය ගොස් සිටි බවයි, කෑගල්ල පොලීසිය පවසන්නේ. අධික වර්ෂාව පවතින අවස්ථාවක මෙම අනතුර සිදුව තිබේ. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවේ පසුවෙයි. වර්ෂාව අධිකව පවතින අවස්ථාවල වේගවත්ව රිය ධාවනය නොකරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

     

    Last modified on සදුදා, 26 අගෝස්තු 2019 12:25

    Latest News