යුද හමුදාපති: පරම පැතුම දිවි පරදුවට තබා රට රැකීම (විඩියෝ)

අගෝ 25, 2019
  • යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තනතුරට පත්වීමෙන් පසු අද ප්‍රථම වරට දළදා සමිදුන් වැඳපුදා ගැනීමට මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණියේය.

    අනතුරුව ඔහු අස්ගිරි මහනාහිමියන් බැහැ දැකීමට පැමිණියේය. ජය ශ්‍රී මහබෝ සමිඳුන් හා රුවන්වැලි සෑ රඳුන් වැදපුදා ගැනීමට ද නියමිතයි.

    යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා......

    “මගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා වශයෙන් පළමුවෙන් අපි රට ආරක්‍ෂා කරගත යුතුව තියෙනවා. රටේ ඉන්න මහජනතාව ආරක්‍ෂා කරගන්න ඕනේ. යුද හමුදාව නූතන හා අනාගතයට සරිලන පරිදි විශිෂ්ට හමුදාවක් කරා මින් ඉදිරියටත් රැගෙන යාම වගකීමක් හැටියට මං සලකලා යුද හමුදාවේ විරෝධාර රණවිරුවන් සහ රණවිරුවන්ගේ පවුල්වල සියලුම සාමාජිකයන් රැක බලාගැනිම, ඔවුන්ට සුබසාධනය ලබාදීම සහ යුද හමුදාවේ දැනට රාජකාරියේ නියුතු සියලු දෙනාම ඉතාම සන්තෝෂයෙන් රාජකාරි කරන හමුදාවක් බවට පත්කිරීම තමයි අරමුණ. අපි මේ යුද්ධය කළේ මගේ රට වෙනුවෙන්. රට වෙනුවෙන් මොන චෝදනා ආවත් ඉදිරියටත් ගිහිල්ලා මගේ ජිවිතේ පරිත්‍යාග කරලා හරි රට ආරක්‍ෂා කරන්න මං කැපවෙලා ඉන්නවා“ යැයි යුද හමුදාපතිවරයා පැවසීය.

    Last modified on ඉරිදා, 25 අගෝස්තු 2019 20:05

    Latest News