වන අලියාගේ ජිවිතය බේරා ගැනීමට පැය 5ක මෙහෙයුමක් (වීඩියෝ)

අගෝ 24, 2019

    පොළොන්නරුව වැලිකන්ද සුසිරි වැවේ සිටි වන අලියෙකු දැඩි පරිශ්‍රමයකින් පසු බේරා ගැනීමට ගිරිතලේ වනජීවි වෛද්‍ය කණ්ඩායම සමත්වූහ.

    ඒ පැය 5ක මෙහෙයුමකින් පසුවයි. වැලිකන්ද බෝඅත්ත සූරිගම ගම්මානය මැද පිහිටි නැගෙනහිර සුසිරි වැවේ ඊයේ උදෑසන සිට සිටි වන අලියා දැඩි පරිශ්‍රමයකින් පසු ගොඩට එළවා දමනු ලැබීය. වැවේ ජලය මත ඒ මේ අතර පෙරලෙමින් පැය 3කට අධික කාලයක් වැවේ රැඳී සිටි වන අලියා උස අඩි 9ක් වන වයස අවුරුදු 25ක් පමණ වන බව වැලිකන්ද සහ ගිරිතලේ රෝහලේ වන ජීවි වෛද්‍ය කණ්ඩායම පැවසූහ. වන අලියාට කුමන හෝ තුවාලයක් සිදුවී, කුඩා සතුන්ගෙන් ආරක්‍ෂාවීමට වැව මැදට බැස සිටින්නට ඇති බව ඔවුන් සැක කරයි. වන අලියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 24 අගෝස්තු 2019 21:57

    Latest News