වසරකට ආඝාත රෝගීන් දහසකට වඩා වැඩි පිරිසක් (වීඩියෝ)

අගෝ 24, 2019

    මොළයේ රුධිර නාලයක අවහිරතාවක් හෝ බිදීයාමක් නිසා හට ගන්නා ආඝාතය, වර්තමානයේ ලෝකයේ වැඩි අවධානයකට ලක්ව ඇති, බෝ නොවන රෝගී තත්වයක්.

    වසරකට ආඝාත රෝගීන් දහසකට වඩා වැඩි පිරිසක් මෙරට රෝහල්වලින් ප්‍රතිකාර ලබනවා. මේ අවධානය යොමු කරන්නේ, රෝහල්වලදී රෝගීන් මරණයට පත්වීමේ හේතු අතරින් හතරවැනි ස්ථානය ගන්නා ආඝාත රෝගී තත්වය පිළිබඳවයි. සෑම විනාඩි දෙකකට වරක් ලෝකයේ ඕනෑම පුද්ගලයෙකු ආඝාත තත්වයට පත්විය හැකියි. ඒ වගේම සෑම විනාඩි 6කට වරක් ඕනෑම පුද්ගලයෙකු ආඝාතය නිසා මරණයට පත්වේ. මෙරට ජනගහණයෙන් 6 දෙනෙකුගෙන් අයෙකුට රෝගය වැළදීමේ ඉඩකඩ තිබේ. අවුරුදු 60ට වැඩි පුද්ගලයන් මරණයට පත්වීමේ හේතුවලින් දෙවැනි ස්ථානය ගන්නේ මෙම රෝගී තත්වයයි.

    මේ නිසා මරණයට පත් නොවූවත්, සදාකාලිකව හෝ කෙටි කාලීනව මෙන්ම අර්ධ වශයෙන් දුබලතාවලට පත් වූ රෝගියෙකු ලෙස ජීවත්වන්නට සිදුවේ. මේ නිසා පවුල් සංස්ථාවට සිදුවන බලපෑම අතිමහත්, ආඝාතය ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණු අතර, දියවැඩියාව, අධි රුධිර පීඩනය, රුධිරයේ කොලොස්ට්‍රෝල් මට්ටම ඉහළයාම, හෘදයාබාධ, හෘද රෝග ස්ථුලතාව වැනි බෝ නොවන රෝග සහ දුම්පානය, මත්පැන් පානය වැනි සෞඛ්‍යයට අහිතකර චර්යා ප්‍රධාන තැනක් ගනී. ආඝාතය වළක්වා ගැනීමට නම් පුද්ගලයෙකුගේ උසට සරිලන බරකින් හා නියමිත ශරීර ස්කන්ද දර්ශකයකින්, ශරීරයේ බර පවත්වා ගැනීම අතිශයින් වැදගත්. ඇවිදීම, පිහිනීම, දිවීම වැනි ව්‍යායාමවල නිරත වීමෙන් මෙම රෝගී ලක්‍ෂණ මඟහරවා ගත හැකියි.

    Last modified on සෙනසුරාදා, 24 අගෝස්තු 2019 22:24

    Latest News