අමාත්‍ය පාඨලී: UNP අපේක්ෂකයා කවුරුන් වුවත් සන්ධානයේ සහය

අගෝ 24, 2019

    රට ගොඩ නැංවිය හැකි ප්‍රතිපත්ති පදනම් කරගත් ශක්තිමත් හා බලවත් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කොට දේශයේ නව දේශපාලන පෙරළීයක් සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    අද (24) අංකුඹුර මාර්ග සංවර්ධනය ඇරඹිමෙන් හා නව බස් තැවතුම්පොළ විවෘත කිරීමෙන් පසු පැවති ජනහමුව අමතමින් අගමැතිවරයා බව අවධාරණය කළේ සන්ධානයේ ප්‍රතිපත්ති එළිදැක්වීම හා අපේක්ෂකයා නම් කිරීම සමාන්තරව සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

    සන්ධානයට එක්වන සියලූ දේශපාලන පක්ෂ තම තමන්ගේ පක්ෂ අනන්න්‍යතාව ආරක්ෂා කර ගනිමින් සන්ධානය හා අත්වැල් බැදගන්නා බවද වික්‍ර මසිංහ මහතා හෙළි කළේය.

    මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ එළඹෙන ජනාධිපතිවරණය නියත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කරන බවයි.  සන්ධානය ගොඩනැගීමට අවශ්‍ය සියලූ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවත්, ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත සන්ධානය පිහිටු වන බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

    එළඹෙන ජනාධිපතිවරණය නියත වශයෙන්ම ජයගත හැකි අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂය නම් කළ යුතු බවත් ඒ අපේක්ෂකයා කවුරුන් වුවත් ඔහුට ඉදිරියේදී පිහිටුවන සන්ධානයෙන් සහයෝගය ලබාදෙන බවත් බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    මෙම අවස්ථාවට මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු පූජක පක්ෂය, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහභාගීවී සිටියහ.

     

     

     

     

    Latest News