“ඇගේ කඳුළු බර වැඩියි“ විද්වත් සංවාදය (වීඩියෝ)

අගෝ 24, 2019

    “ඇගේ කඳුළු බර වැඩියි“ තේමාවෙන් මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය පිළිබඳ විද්වත් සංවාදයක් ඊයේ පැවැත්විණ.

    එය සංවිධාන කළේ, අලුත් පියාපත් සංවිධානය“ මගින්. මේ එහිදී ඔවුන් පළ කළ අදහස්. හිටපු අමාත්‍ය ෆේරියල් අෂ්රොෆ් මහත්මිය....

    “ලංකාවේ අධ්‍යාපන පිළිබඳව අපේ ප්‍රතිපත්ති ගැන හොයන කොටත්, 14 වෙනකම් අනිවාර්ය අධ්‍යාපනය කියලා දෙයක් තියෙනවා. 9 වැනි ශ්‍රේණිය දක්වා. ඊට පස්සේ අවුරුදු හතරකුත් උසස් පෙළ දක්වා ඒකත් වැඩියි. අපේ රජයන් කියනවා ඒකටත් දරුවන්ව පොළඹවන්න කියලා. ඒව නැතුව අවුරුදු 12 දරුවෙක්ව විවාහ කරලා දෙනවා කියන එක අද නම් හිතන්න බැහැ. මං හිතන්නේ නැහැ ඒකට කවුරුත් ඉස්සරහට එයි කියලා. තමන්ගේ දරුවා, දැරිය ගැන නම් අපි ඉල්ලා සිටින්නේ ඒ අවම වයස 12 ඉඳන් 18 වෙනකම් වැඩි කරන්න කියලා. අවුරුදු 18 ඒකත් මම හිතන්නේ නැහැ විවාහයට සුදුසු වයසක් හැටියට. සාමාන්‍යයෙන් ඡන්දයක් පාවිච්චි කරන්න පුලුවන් වයස අවුරුදු 18 කියලා තියෙනවා. ඒ වගේම මුස්ලිම් විවාහය පිළිබඳව කරුණු හොයාගෙන ගියානම් ඕගොල්ලන්ට තේරේවි එතනදි කියන්නේ ඉස්ලාම් ධර්මයේ විවාහය දකින්නේ ගිවිසුමක් හැටියට“ යැයි ෆේරියල් අෂ්.රොෆ් මහත්මිය ප්‍රකාශ කළාය.

    නීතිඥ අර්මිසා ටිගල් මිය...

    “16-17 අතරේ වැඩිම තරුණ වයසේ විවාහ වෙනවනම් එතකොට ඒ ප්‍රශ්නේ තමයි උත්තරයක් වෙන්න ඕනේ. 16 අඩු විවාහ වෙන්න බැහැ කියලා නතර කරන්න බැහැනේ. ඉතිං ඒ වගේ හැම දෙයකටම ප්‍රශ්නයට උත්තරයක් වෙන විධියට තමයි සංශෝධන වෙන්න ඕනේ. මේක නිකං සාකච්ජා කරලා අපිට ඕන විධියට මෙයාට ඕන විධියට වෙනස් කරන නීතියක් සංශෝධනයක් ගේන්න නොවෙයි“ යැයි නීතිඥ අර්මිසා ටිගල් මහත්මිය පැවසුවාය.

    Last modified on සෙනසුරාදා, 24 අගෝස්තු 2019 23:31

    Latest News