බෝගම්බර බන්ධනාගාර නිදහසේ කේන්ද්‍රස්ථානයේ දී අගමැතිගෙන් පැනයක් (වීඩියෝ)

අගෝ 24, 2019

    සිරගෙදරක්ව පැවැති බෝගම්බර බන්ධනාගාරය දැන් නිදහසේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒ නිදහස ඔස්සේ ඉදිරියට යනවා ද නැතිනම් අතීතයට ගොස් යළි සිරගත වනවා ද යන්න තීරණය කිරීම ජනතාව සතු කාර්ය භාරයක් බව ඔහු අවධාරණය කළේය. වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (24) පෙරවරුවේ බෝගම්බර, මහනුවර බෝගම්බර සංස්කෘතික උද්‍යානයේ පළමු අදියර විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

    ජපානයේ අග්‍රත්‍ය ෂිංසෝ අබේ මහතාගේ සහය ඇතිව මහනුවර නගරය ජපානයේ ඓතිහාසික නාරා නගරයට සමාන්තරව සංවර්ධනය කරලීමේ සැලසුම් සකස් කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුනී. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු රටේ ආර්ථිකය අඩපණවීමට ඉඩනොදී යළි නංවාලීමට රජය පියවර ගත් බව ද ඒ නිසා අප රට යළි යථාතත්වයට පත් කර ගැනීමටත්, සංචාරක කර්මාන්තය නංවාලීමටත් හැකි වූ බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    මහනුවර නගරයේ ඓතිහාසික උරුමය ආරක්ෂා කරගනිමින් නගරය සංවර්ධනය කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව කටුගස්තොට නගරය වානිජ නගරයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

    රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තු සභානායක ලක්ෂ් මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ මහානායක හිමිවරුන්ගේ අනුශාසනා අනුව මහනුවර නගරයේ ඉදිරි සංවර්ධන කටයුතු සිදු කරන බවයි.

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිරා සුගියාමා, මහනුවර නගර සභාවේ නගරාධිපති කේෂර සේනානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් සහභාගීවී සිටියහ.

    pmkandy1 px 900 19 08 24

     

     

    Last modified on සෙනසුරාදා, 24 අගෝස්තු 2019 21:48

    Latest News