ජනපති හමුවූ ICC සභාපති (වීඩියෝ)

අගෝ 24, 2019

    දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ශෂාන්ක් මනෝහර් මහතා ඊයේ (23)පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛතී‍පාල සිරිසේන මැතිතුමා හමුවිය.


    ශ‍්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සියලු සහය ලබාදෙන බව මෙහිදී සභාපතිවරයා ජනාධිපතිතුමා හමුවේ ප‍්‍රකාශ කළේය.
    ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම පිළිබඳ සභාපතිවරයා වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා ක්‍රිඩාව දේශපාලන මැදිහත්වීම් හා බලපෑම්වලින් තොරව ඉදිරියට ගෙනයාමේ වැදගත්කම ද අවධාරණය කළේය.


    පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, ශ‍්‍රී ලංකාක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 24 අගෝස්තු 2019 21:29

    Latest News