කොකේන් තොගයක් නාවික හමුදා බාරයට

අගෝ 24, 2019

    නාවික හමුදාව ‌සහ මන්නාරම කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය එක්ව අද (24) අළුයම සිදු කළ සෝදිසි කිරිමකදි මන්නාරම, වංකාලේ ප්‍රදේශයේදී කොකේන් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983ක් නාවික හමුදා බාරයට ගෙන තිබේ.

    නාවික හමුදා බාරයට ගත් කොකේන් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා වංකාලේ පොලිසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.

    Latest News