මධ්‍යම කඳුකරයට තද වැසි: ජලාශ 02ක ජල මට්ටම ඉහළට

අගෝ 23, 2019

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුමේ පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම අද (23) අලුයම වන විට 80% දක්වා ඉහල ගොස් තිබේ.

    අක්කර අඩි හතලිස්හයදහසක ධාරිතාවක් ඇති කාසල්රි ජලාශය පිටාර මට්ටම අඩි පහක් ද, අක්කර අඩි අනුපන්දහස් හාරසියක ජල ධාරිතාවක් ඇති මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි15 ක්ද වශයෙන් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේය.

    මිට මාස දෙකකට ප්‍රථම මෙම ජලාශ වල ජල මට්ටම 20% දක්වා පහල බැස තිබු අතර ජලාශ ඉදි කිරිමේදි යට වි තිබු නටබුන් රැසක් සහ දුපත් රැසක්ද මතු වි තිබුණි. තවද එම ජලාශ වල ජල මට්ටම අඩු විම නිසා විදුලි උත්පාදනයටද බාධා පැමිණ තිබුණි.

    කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම ඉහල යාමත්, තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට වැසි ලැබිම හේතුවෙන් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කෙරේ.

    Latest News