කංජිපානි ඉම්රාන්ට වසර 6ක සිරදඩුවමක්

අගෝ 23, 2019

    ගංජා කිලෝ ග්‍රෑම් 5.3 ක් සන්තකයේ  තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා වලට වරදකරු කෙරුණු පාතාල කල්ලි නායකයෙකු බව කියන කංජිපානි ඉම්රාන් නැමැත්තාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර කංජිපානි ඉම්රාන් එම චෝදනාවලට වරද පිළිගන්නා බව ප්‍රකාශ කළේය. ඒ අනුව, ගංජා සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා දෙකට වසර තුනක් බැගින් වසර හයක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන බවයි විනිසුරුවරයා නියම කළේ.
    2018 වසරේ සැප්තැම්බර් මස 13 වනදා මාලිගාවත්ත ප්‍රදේශයේ දී ගංජා කිලෝ ග්‍රෑම් 5ක් සහ ග්‍රෑම් 300 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කන්ජිපානි ඉම්රාන් ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණ. 
    Last modified on සිකුරාදා, 23 අගෝස්තු 2019 11:59

    Latest News