ශ්‍රී ලංකා-නවසීලන්ත දෙවන ටෙස්ට් තරගය - ශ්‍රී ලංකාව 85/2යි

අගෝ 22, 2019

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනය අදයි.

    තරගය පැවැත්වෙන්නේ, කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී. වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමර තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලකුණු 29කදී දැවී ගියා. දිනය නිමාවන විට පිටියේ නොදැවී සිටියේ නායක දිමුත් කරුණාරත්න සමඟින් ඇන්ජලෝ මැතිව්ස්. දිමුත් නොදැවී ලකුණු 49යි. දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 85ක් ලබා සිටියා. හෙට තරගයේ දෙවන දිනයයි.

    Latest News