සූදු ඔට්ටු ව්‍යාපාරයට සම්බන්ධවූවන්ට ක්‍රීඩා පරිපාලනයට වැට බැඳෙන නීතියක්

අගෝ 22, 2019

    සූදු ව්‍යාපාරයට සෘජු හෝ වක්‍ර සම්බන්ධයක් ඇති කිසියම් පුද්ගලයෙකුට ක්‍රීඩා පරිපාලනයට එක්විය නොහැකි වනසේ විශේෂ කැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය. මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා....

    “ICC ය තමයි ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට විශාල වශයෙන් මුදල් වියදම් කරන්නේ. සියලු දේවල් කරන්නේ. මං හිතනවා අපි කළ යුතු දේ හරියට අවංකව ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙනවා. අද ගැසට් එකක් ඉදිරිපත් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියේ සංශෝධනයක් කරන්න. ඒක විශේෂයෙන්ම කරලා තියෙන්නේ. ICC එකත් ඒක කියලා තියෙනවා පැහැදිලිව. කිසිම බුකී ගනුදෙනුවකට සම්බන්ධ කිසිම කෙනෙකුට මෙයට සම්බන්ධවීමට හැකියාවක් නැහැ. ගැසට් කිරිමට අපි ඉදිරිපත් කරලා තියෙනවා. ගැසට් එකට මම යවලා තියෙනවා. මම අත්සන් කළා. පැහැදිලිව කියලා තියෙනවා පවුලේ කිසිම සාමාජිකයෙක් හරි සම්බන්ධ නම් එතුමන්ලට කිසිම නිලයක් දරන්න බැහැ කියලා. පැහැදිලි තීරණ ගන්න ඕනේ ඒවා අමිහිරියි, නීරසයි“ යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

    Latest News