වර්ජනය අසාර්ථකයි..සංසදයේ වෛද්‍යවරුන් අඛණ්ඩව වැඩ

අගෝ 22, 2019

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ආරම්භ කළ වැඩවර්ජනය අසාර්ථක බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි.

    ඔවුන් පවසන්නේ, වැඩවර්ජනය ක්‍රියාත්මක වන්නේ පටු දේශපාලන අරමුණු පදනම් කරගනිමින් බවයි. මාතෘ හා ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල හා විශේෂිත වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකකවල වැඩවර්ජනය ක්‍රියාත්මක නොකරන බවයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. වැඩවර්ජනය හේතුවෙන් ඇතැම් රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව තිබේ. සායන කටයුතු නොපැවැත්වීමෙන්, නාවලපිටිය ප්‍රදේශයේ රෝගීන් අපහසුතාවයට පත්විය. වර්ජනයට රෝගීන් සිය දැඩි අප්‍රසාදය පළ කළේය. වැඩවර්ජනය හේතුවෙන් වවුනියාව මහරෝහලේ රෝගීන් ද ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිව අපහසුතාවට පත්විය.

    බොහෝ රෝහල්වල රෝගී සත්කාර සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ ආකාරය දැකගත හැකිවිය. මාලිගාවත්ත රජයේ රෝහලේ සියලුම සේවාවන් අද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි, ජනතාව පවසන්නේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ද රෝගී සත්කාර සේවාවන්, සායන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණු බවයි, රෝගීන් පවසන්නේ. ජනතාවට අපහසුතාවට පත්කිරීමේ අරමුණින් පටු දේශපාලන අරමුණු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනය ක්‍රියාත්මක කළ ද සෙසු වෛද්‍යවරුන් සිය සේවා රෝහල් තුළ සුපුරුදු පරිදි ක්‍රියාත්මක කරන බවයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසන්නේ. කොළඹ ජාතික රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 22 අගෝස්තු 2019 14:03

    Latest News