පොලිස් ගැටලු නිරාකරණය කඩිනමින්;උසස්විම් ඒ අනුව...

අගෝ 22, 2019

    පොලීසියේ උසස්වීම් පිළිබඳව ගැටලු ඇති බැවින් ඒ ඉතා ඉක්මනින් නිරාකරණය කිරිමට කටයුතු කරන බව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

    අද (22) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් වීම් සම්බන්ධයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    උප පොලිස් පරීක්ෂක තනතුරේ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කළ උප පොලිස් පරීක්ෂකවරු 539කට සහ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් 56කට මේ වනවිට පොලිස් පරීක්ෂක තනතුරේ උසස්වීම් ලබාදී ඇත. නව බඳවා ගැනීමේ සහ උසස් කිරීමේ පටිපාටියට අනුමැතිය ලැබිමෙන් පසු ඊට අනුකූලව උසස් වීම් ලබාදීමට කටයුතු කරණ බව ඔහු පාර්ලිමේන්තුවට පැවසිය.

    උසස් වීම් පිළිබඳ ගැටළු තිබෙනවා. ඒවා නිරාකරණය කරන්න කටයුතු කරනවා. පොලිස් නිලධාරීන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමට කටයුතු කරන බවත් එය යුතුකමක් බවත් අමාත්‍යවරයා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 22 අගෝස්තු 2019 13:05

    Latest News