update-විනාඩි 9න් බෝට්ටුවෙන් දැන් කොළඹට

අගෝ 22, 2019

    කොළඹ නගරයේ පවතින උග්‍ර රථවාහන තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙස  සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක බේරේවැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය  අද (23) උදෑසන ආරම්භ කෙරිණ. 

    ඒ කොළඹ කොටුව මැකලම් ගේට්ටුව අසළ බෝට්ටු අංගනයේදී (ලේක් හවුස් ඉදිරිපිට) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම බෝට්ටු සේවාව මගින් විනාඩි 9ක් වැනි අඩුකාලයක් තුළ ගමනාන්තාය දක්වා ළගා විය හැකියි.

    නගරය පුරා ඇති අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳව සිදු කරන ලද විද්‍යාත්මක ශක්‍යතා අධ්‍යනයකින් අනතුරුව මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය කි‍්‍රයාත්මකයි.

    මුල් මාසය තුල මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාගැනීමට  අවස්ථාව සැලසේ. මෙම සේවාව ක්‍රියාත්මක කෙරෙන්නේ, ශ‍්‍රී ලංකා නාවික හමුදාව හා ඒකාබද්ධවයි. මෙහිදී  නාවික ගමනා ගමනයේ දී පිළිපැදිය යුතු සියලු ආරක්‍ෂක විධිවිධාන පිළිබැදීම අනිවාර්ය වේ. 

    බේරේ වැව සහ වැල්ලවත්ත ඇල කේන්ද්‍ර කරගනිමින් තවත්  අදියරක් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව වැල්ලවත්තේ සිට බත්තරමුල්ලට විනාඩි 40 ක කාලයකදී ගමන් කිරීමට හැකියාව ලැබේ. වායු සමීකරණය කළ බෝට්ටු එම සේවාව සඳහා යොදාගැනීමට නියමිතයි.  .

    කැළණි ගඟේ මට්ටක්කුලිය සිට හංවැල්ල දක්වා ද මඟී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක මහතා පවසයි.  ඒ ව්‍යාපෘතියේ තවත් අදියරක් ලෙසයි. 
     

    එසේම මෙම සියලු කොළඹ ජල මාර්ගවල බෝට්ටු සේවාව හා සහ සම්බන්ධව බස් හා දුම්රිය ප්‍රවාහන සේවාවල කාලසටහන් සකස් කිරීමටත් ඉදිරියේ දී කටයුතු කෙරේ. මීට අමතරව කොළඹ බේරේ අවට ඇති ප්‍රධාන හෝටල්වල විදේශ සංචාරකයන් වෙනුවෙන් රාත්‍රියේදී මේ බෝට්ටු සේවය යොදා ගැනීමට නියමිතයි. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසන පරිදි මේ මුල් ව්‍යාපෘති 3 සඳහා සම්පූර්ණ වියදම රුපියල් මිලියන 100 කි. මේ මගින් 500ක පමණ පිරිසකට රැකියා අවස්ථා ලැබෙන අතර කොළඹ ජල මාර්ගවල පිරිසුදු භාවය ද ඉහළ යයි‍.

    Last modified on බ්‍රහස්පතින්දා, 22 අගෝස්තු 2019 13:35

    Latest News