එරන්ද වැලිඅංගේ හෝමාගම UNP ප්‍රධාන සංවිධායක ධූරයට

අගෝ 18, 2019

    නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා හෝමාගම ආසනයේ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කර ඇත.

    අද (18) දින අරලියගහ මන්දිරයේදී පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැලිඅංගේ මහතා වෙත බාර දෙනු ලැබිණ.

    මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පිරිසක් ද සහභාගිවී සිටියහ.

    erandaweliange1 px 900 19

    ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වසර හතරකට අධික කාලයක් කටයුතු කරන ඔහු ජාතික වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයාදවේ.

    ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුවන එරන්ද වැලිඅංගේ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ සහ නලින් ලද්දූවහෙට්ටි යටතේ කණිෂ්ඨ නීතීඥවරයෙකු ලෙස ද කටයුතු කර ඇත. ඔහු තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී යොවුන්පුරය, ගමට කෝටියක්, යුතුකම, youth with talent වැනි විවිධ වැඩසටහන් හරහා දක්ෂතා පිරි තරුණ තරුණියන් වෙනුවෙන් විවිධ වූ ව්‍යාපෘතීන් ගණනාවක්ම ක්‍රියාත්මක කළේය.

    Last modified on ඉරිදා, 18 අගෝස්තු 2019 13:51

    Latest News