කබල්ලෑ මස් සමග සැකකරුවකු අත්අඩංගුවට (ඡායාරූප)

අගෝ 13, 2019

    වැල්ලවාය ඌව කුඩාඔය, විස්ස යාය ප්‍රදේශයේ දී කබල්ලෑ මස් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කුඩාඔය පොලිසිය සමත් වී ඇත.

    සැකකරු විසින් ප්‍රදේශයේ රක්ෂිතයකින් මෙම සත්වයා මරා දමා පසුව මස් කර අලෙවි කිරීමට උත්සාහ දරා තිබේ.

    scalynab2 px 900 19 08 12

    සැකකරු සන්තකයේ තිබී කබල්ලෑ මස් කිලෝග්‍රෑම් දෙක හමාරක් පමණ පොලිසිය විසින් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු විස්ස යාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතලිහක පුද්ගලයකු බව ඌව කුඩාඔය පොලිසිය කියයි. බොහෝ දෙනෙකු ඈයා යන නමින් හදුන්වන මෙම සත්වයාගේ මස් විශාල මුදලකට අලෙවි වන බව ප්‍රදේශයේ ජනතාව පවසති.

    ශීඝ්‍රයෙන් වදවී යාමේ තර්ජනයට ලක් වී ඇති මෙම සත්ව විශේෂය වැඩි වශයෙන් මෙම ප්‍රදේශයේ ජීවත් වන අතර දඩයම් කරුවන්ගේ ගොදුරු බවට බොහෝ අවස්ථාවලදී මෙම සත්වයින් පත් වන බව පරිසරවේදීහු පවසති.

    scalynab px 900 19 08 12

    මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඌව කුඩාඔය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News