පොලිස් නිළධාරියෙකුගේ නිවසට මැර ප්‍රහාරයක්

අගෝ 12, 2019

    වැල්ලවාය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකුගේ නිවසකට ඊයේ රාත්‍රි මැර ප්‍රහාරයක් එල්ල කර තිබේ.

    පුද්ගලයන් සිවුදෙනකු පමණ පොලු මුගුරු රැගෙන එක් වරම නිවසට පැමිණ නිවසේ ජනෙල් දොරවල් කඩා දමා පොලිස් නිලධාරීයාට නිවස තුලම බිම දමාගෙන පොලු මුගුරු වලින් පහර දී ඇත.

    මෙම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීයාට දැඩිලෙස තුවාල සිදු වී ඇති අතර ඔහු මේ වන විට බුත්තල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව බුත්තල පොලිසිය කියයි. ප්‍රහාරය සදහා පැමිණි පුද්ගලයන් විසින් නිවසේ තිබූ භාන්ඩ රැසක් සහ ජනෙල් දොරවල් රැසක් කඩා විනාශ කර ඇති අතර සැකකරුවන් මේ වන විට ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බව පොලිසිය පවසයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා බුත්තල පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙන්නේ මොණරාගල කොඨ්ඨාස භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් හා නියෝග මතයි.

    Latest News